Thursday, 14 September 2023

බංකොලොත් රටේ රෙනෝගේ රනින් නිම කළ මාළිගාව..! (Photo)

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.14, ප.ව.7.00) 90 දශකයේ දී කිලී මහාරාජාට අයත් යර්ස් එෆ්එම් ගුවන් විදුලියේ සහකාර වෙළඳ කළමණාකරුවෙකු ලෙස මාධ්‍ය ව්‍යාපාර අතරට ආ රෙනෝ ද සිල්වා පසුව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඒබීසී නමින් ආරම්භ කළ අලුත් ගුවන් විදුලියට පැමිණියේ වෙළඳ කළමණාකරු ලෙසය. බ්‍රිතාන්‍ය ජාතිකයා ඒබීසී ගුවන් විදුලිය විකුණා දමා යළි තම රට යද්දී එය මිල දී ගැනීමට තරම් මුදල්, වැටුපට සහ කොමිස් මුදලකට මාකටිං මැනේජර් රස්සාව කළ රෙනෝ ද සිල්වාට තිබිණි. පුදුමය..! ආයතනයක් මිල දී ගැනීමට තරම් හැකියාවක් තිබූ එම ආයතනයේ මාර්කටිං මැනේජර් කෙනෙක් ලංකාවේ එතෙක් මෙතෙක් වී නම් ඒ රෙනෝ ද සිල්වාම පමණ ය. පසුව ඔහු ඒබීසී ගුවන් විදුලිය හිරු මාධ්‍ය ජාලය ලෙස ව්‍යාප්ත කළ අතර දැන් එහි අයිතිකරු ය.

රෙනෝ ද සිල්වා පසුගියදා සම්පත් බැංකුවේ තුන්වැනි පෞද්ගලික කොටස් හිමිකරු ලෙස එහි කොටස් වලින් 9.4% ක් අත්පත් කර ගත්තේ රු.බිලියන 2 ක් එකවරම ආයෝජනය කරමිනි. ඔහුගේ තවත් ව්‍යාපාර වන්නේ කොටස් වෙළඳ පොළේ ආයෝජනය යි. ඒ  අතර කොටස් වෙළඳපොලේ පෙරමුණේ රැඳී සිටින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 6.3 ක් රුපියල් මිලියන 848.4 කට මිල දී ගනිද්දී එය එදින කොටස් වෙළඳ පොළේ මුළු ගනුදෙනුවෙන් භාගයක් පමණ විය.

මෙහි දැක්වෙන්නේ කොළඹ පිහිටා ඇති ඔහුගේ පුද්ගලික නිවසේ සේයාරූ කිහිපයකි. එය ඇත්තටම නිවසක් නොව මාළිගාවකි. බොහෝ දේ රනින් නිම කළ හෝ රන් ආලේපිත ය. කිරි ගරුඬ ප්‍රතිමා සහ කැටයම් වලින් අලංකාර කර තිබේ. විශාල කෑම මේසය සහ එහි පුටුද රනින් කැටයම් කර තිබේ. මාලිගාව තුල නාන තටාකයක් ද සිනමා ශාලාවක් ද තිබේ. ඇතුලත ක්‍රීඩාංගනයක් ද ඇත.

මේ සා විශාල සහ රනින් නිමැවූ මාළිගාවක් සුද්දා රට පාලනය කළ කාලයේවත් ලංකාවේ සුද්දන්ටවත් තිබුනේ නැත. අද ද ලංකාවේ කිසිදු ධනපතියෙක්ට මේ සා විශාල සහ අති සුඛෝපභෝගී මාළිගාවක් ඇතිදැයි සැක ය. රට බංකොලොත් වුවද රෙනෝ ද සිල්වා අති දැවැන්ත මහා ධන කුවේරයෙක් වී සිටී. ඔහු මේ සියල්ල කෙළේ හිරු මාධ්‍ය ජාලයෙන් ඉපැයූ මුදලින් යැයි කීවොත් එය පිළිගත හැකිද?

රෙනෝ ද සිල්වා මේ සා විශාල මුදල් කන්දක් සෙව්වේ කෙසේ ද? එය කවුරුත් දන්නා රහසක් නොවේ ද?

රෙනෝ ද සිල්වාගේ සොයුරා භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙකු ඝාතනයට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරබත් කන කුප්‍රකට ආර්. දුමින්ද සිල්වා ය.























No comments:

Post a Comment