Sunday, 17 September 2023

'වෙන්න පොලිස්පති' ඇතුළු පොලිසියේ ඉහළ ඇවරියකට වීසා දීම කැනඩාව ප්‍රතික්ෂේප කරලා..!

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.17, ප.ව.9.30) කැනඩාවේ  පැවැත්වෙන පොලිස් බැඩ්මින්ටන් තරගාවලියකට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි පොලිසියේ ඉහල නිලධාරීන් පිරිසකගේ වීසා අයදුම්පත් ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 

ප්‍රතික්ෂේප කළ නිලධාරීන් අතරින් දැනට පොලිස් දෙපාර්තුමේන්තුව තුල සිටින ජ්‍යෙෂ්ඨත්වයෙන් හතරවෙනියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද වේ. අනෙකුත් නිලධාරීන් අතරින් ගල්කිස්ස ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනියද ඇතුළත්ය. ප්‍රියන්ත වීරසූරිය හා මංගල දෙහිදෙනිය මීට ඉහත ඇමරිකාව, එක්සත් රාජාධානිය ඇතුළු රටවල් බොහෝමයක සංචාරය කර යළි සිට රට පැමිණ ඇති නිලධාරීන් වෙති.

මෑතක දී එංගලන්තේ පැවති පොලිස් මලල ක්‍රීඩා තරගාවලිකට සහභාගි වීමට ගිය පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම යලිත් මෙරටට නොපැමිණීම ඉහත කී ප්‍රතික්ෂේප කිරීමට ආසන්නතම සිදුවීම යයි පැවසේ.

වීසා ප්‍රතික්ෂේප කරමින් කැනඩා වීසා නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ 'ශ්‍රී ලංකාව තුල පවතින වත්මන් ආර්ථික තත්ත්වයන් හා සැලකීමේදී මෙම නිලධාරීන් යලිත් පැමිණෙන බව සැක සහිත වන බවයි.' 

පොලිසිය තුල පොලිස්පති වීමට ආසන්නතම සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් වත්මන් රජයේ රට බංකොලොත්භාවයට පත් කිරීමේ අනිසි ප්‍රතිඵල කියාපායි.

No comments:

Post a Comment