Sunday, 17 September 2023

වැඩියෙන් ජරාව කන්න පොර කෑ නිලධාරි බල්ලෝ හදිසි පිළිකා බෙහෙත් ඕඩරයත් හපා කාලා...! පිළිකා ඖෂධ හිඟය උග්‍ර වේ..!

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.17, ප.ව.10.30) පිළිකා ඖෂධ 50 ක් ආනයනය කිරීමේ ටෙන්ඩරයක් සෞඛ්‍ය නිලධාරි මාෆියා කල්ලි අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස රජය විසින් හදිසියේ අවලංගු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOF) සභාපති රුක්ෂාන් බෙල්ලන සිකුරාදා (15) කොළඹ දී මාධ්‍ය අමතමින් පැවසීය.

මෙම තීරණය නිසා රෝහල්වල පිළිකා ඖෂධ හිඟය උග්‍ර වනු ඇතැයි ද හෙතෙම කීය.

“ඖෂධ හිඟයක් තිබුණු නිසා පිළිකා ඖෂධ 50 ක් කඩිනමින් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙන්ඩර් කැඳෙව්වා. සෞඛ්‍ය අමාත්‍යකාරයා සහ අධ්‍යක්ෂ ජනරාල්කාරයා ඊට අනුමැතිය ලබා දී තිබුණා. නමුත් බ්‍රහස්පතින්දා (14) සමාගම් 30 ක නියෝජිතයන් ඉදිරියේ ඒ ටෙන්ඩරය අවලංගු කළා.” යයි ඔහු පැවසීය.

"පිළිකා බෙහෙත්වල දැන් පවතින බරපතල හිඟය නිසා ජනතාව දුක් විඳිනවා" යයි ඔහු වැඩි දුරටත් පැවසීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් ප්‍රකාශයට පත් කරන ලද ටෙන්ඩරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ විරෝධය හේතුවෙන් හදිසියේ අවලංගු කළ බව වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ (CMLS) සභාපති රවී කුමුදේශ් ඊයේ (15) දිවයිනට පැවසීය.

පසු ගිය මාස කිහිපය තුළ ටෙන්ඩර් ගණනාවක් ප්‍රකාශයට පත් කළ අතර, පසුව නිලධාරීන් අතර ඇති වූ පොර කෑම් හේතුවෙන් ඒවා අවලංගු කළ බව ඔහු පැවසීය.

“අන්තිමට අවලංගු කළ ටෙන්ඩරයත් “දෙවියන්ගෙ පර්ස් එකේ සල්ලි වගේ” පාරිශුද්ධයි කියලා මං කියන්නේ නැහැ. නමුත් ඊට විරුද්ධ වූ අය එසේ කළේ හොඳ චේතනාවකින් නම් නොවෙයි.”

කුමුදේශ් පැවසුුව පරිදි, ටෙන්ඩර් අනුමත කිරීම පාලනය කරන අයට “කට නොවැසූ වළ කක්කුක්සිය ළඟ ඌරු කොටුවේ අයට වාගේ” ඉක්මනින් තර වීමට හැකියාව ඇත.

“ටෙන්ඩර් කැඳවීම්වල දී, ‘ඕක අනුමත කළ වැඩ්ඩෝ අපියි’ කියා බෙහෙත් කොම්පැනිකාරයන්ට පෙන්නන්න නිලධාරි මාෆියා කල්ලි අතර ලොකු කඹ ඇදිල්ලක් තියෙනවා. ඔයින් මෙයින් අන්තිමේ දී දුක් විඳින්නේ ජනතාවයි.”

- 2023 සැප්තැම්බර් 16 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Urgently needed cancer drug order cancelled abruptly – GMOF” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment