Sunday, 11 February 2024

නියමිත දිනට ජනාධිපතිවරණය තියනවා..! රනිල් අනුරට කියලා..!! 

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.11, ප.ව.8.30) නියමිත දිනට ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් ජාජබ නායක අනුර දිසානායකට පවසා ඇතැයි ආණ්ඩුවේ පුවත්පතක් වන සිළුමින පුවත්පත අද වාර්තා කර තිබේ. එහි දේශපාලන තොරතුරු කොළමේ මේ බව සඳහන් වන්නේ මෙසේය.

ජනාධිපති රනිල් ද සහභාගී වූ නීතිඥවරුන්ගේ සාදයක දී ජාජබ ප්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වන සුනිල් වටගල ජනාධිපති හමුවක දී මෙසේ කියා ඇත.

“ජනාධිපතිවරණය ඉක්මනින් තියන්න. මොකක්ද ඉස්සෙල්ලාම එන මැතිවරණය” සුනිල් වටගල කියද්දී ජනපති කීවේ “ඔව් ඔව් නියමිත කාලයේදී ජනාධිපතිවරණය තියෙනවා. මම ඒක අනුරට කියලා තියෙන්නේ. එයා ඔයාට කියලා නෑ.” කියාය.

“අපේ අපේක්ෂකයා අපි දිනවනවා. එයා තමයි ජනාධිපති වෙන්නේ.” සුනිල් වටගල එවිට ජනාධිපතිවරයාට පවසා තිබේ. 

මේ අතර පසුගියදා ඕස්ට්‍රේලියාවේ කළ සංචාරයේ දී ද ඉන්දීය ජනමාධ්‍යවේදියෙකුට රනිල් පවසා තිබුනේ මේ වසරේ ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පවත්වන බවත් තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවයි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට යන්නේ පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස නොව 'පොදු අපේක්ෂකයෙකු' ලෙසයි. නමුත් පසුගිය යහපාලන ආණ්ඩු පිහිටුවීමෙන් අනතුරුව 'පොදු අපේක්ෂකයා' යන වචනය  මෛත්‍රීපාල සිරිසේන ජනතාවට වහ කදුරු කෙළේ ය. 

No comments:

Post a Comment