Monday, 26 February 2024

නාමල්ට ජනපති අපේක්ෂකත්වය දෙන්න යෝජනාවක් සම්මතයි..! ප්‍රබලයෝ කනස්සල්ලෙන්..!

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.26, ප.ව.10.00) පසුගියදා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පත් කළ යුතු යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවත්‍, යම් හෙයකින් තමන් පරාජය වුවහොත් අගමැති ධූරය තමන්ට ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත්ය.

මෙම සිදුවීම කණ වැටුණු පොහොට්ටුවේ ප්‍රබල මැති ඇමතිවරු "නාමල්ට පිස්සු" යනුවෙන් පවසා ඇති අතර එලෙස තීන්දුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් ඉදිරියේදී ගතහොත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔවුන් තීරණය කර ඇත. අනෙක් අතට ඒ ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත්නේ යන්නද සාකච්ඡා වී ඇත.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්‍, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි‍, ඉන්දික අනුරුද්ධ යන අය සහභාගී වී සිටියහ.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

No comments:

Post a Comment