රනිල් ඉතිහාසයේ ගත් අණුවනම තීරණය..! ජුන්ඩාලේප බන්දු පොලිස්පති කරයි..!
-අරලියගහ මන්දිර හිටපු වාර්තාකරු ගේ සටහනකි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.26, ප.ව.10.25) සිය දේශපාලන ඉතිහාසය තුල යලි කිසිදා නිවැරදි කළ නොහැකි ඉතා නින්දිත පජාත තීරණයක් ගත් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් හෙවත් ජුන්ඩාලේප-බන්දු පත්කර ඇත.
වැඩ බලන පොලිස්පති ලෙස ඔහු කළ අනීතික ක්‍රියා සියල්ල රනිල් විසින් අනුමත කර තිබෙන බව මෙයින් පැහැදිලිය.
වසර 157ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුල බිහිවන වනචරම දශකය අදින් ඇරඹෙන බව ලංකා ඊ නිව්ස් සංවේගයෙන් යුතුව මෙසේ ලියා තබමු.
දේශබන්ධු ගේ පාතාල සම්බන්ධතා , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇති ඩීල් ගැන අප වසර කීපයක සිට විවිධාකාර ලිපි ඔස්සේ සත්‍ය තොරතුර රාශියක් සමාජ ගත කර ඇත.
තම සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රියන්ගේ සිද්ධාලේප ආලේප කිරීමට දේශබන්ධු වරදකරු කරමින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් කොමිසමට නියෝග දුන් අධිකරණ තීන්දුවක් ද ලබා දී තිබිය දී (එම සාපරාධී ක්‍රියාව නිසා ජුන්ඩාලේප බන්දු ලෙස නම් පටබැඳින) ඒ කිසිත් නොතකා දේශබන්දු වැඩ බලන පොලිස්පති ලෙස පත් කළේ මාස 3 ක කාලයකට ය. එම කාලය ඉකුත් වූයේ නොබෝදා ය.
අධිකරණ තීන්දු, මහජන මතය සහ සනාථකල හැකි සාක්ෂි එසේ තිබියදී ඒවා අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කළ රනිල් වික්‍රමසිංහ නැමති ඒකාධිපති උද්ධච්ච මිනිසා සිය මිනීපෙට්ටියේ අවසන් ඇණයට මෙසේ තමාම ගසාගත් බව ලියා තබමු.
තමා මේ ගත් තීරණය පාරාවළල්ලක් සේ තමා වඩා කැරකෙන දිනය ඉතාම ආසන්න බව රනිල් ට නොදැනීම ඔහුගේ අවාසනාවකි.
රනිල් ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නම් මේ තීරණය නිසාම ඔහුට කිසිදා කතෝලික ඡන්ද එකක් වත් නොලැබෙනු ඇත. මන්ද යත් පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු වීමට අමතරව දේශබන්දු බොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බ නාටකයේද අධ්‍යක්ෂවරයෙකු වූ නිසා ය.
මේ සියල්ල පසුපස ඇති බලවේගය ටිරාන් අලස්ය. ටිරාන් යනු ඩීල් දැමීමට උපන්ගෙයි හපනෙකි. වරෙක ලියුම්කරු සමග සුනිල් හඳුනෙත්ති පැවසූ පරිදි සජිත් ටිරාන් ව අමතෙන්නේ Brother in a Another Mother කියාය. මේ සියල්ල දැන දැනත් රනිල් මේ කරගත්තේ දිවි නසාගැනීමකි.
පොලිස්පති රටක ජනාධිපති සමග සමපාත විය යුතුද යන්න හොඳ උදාහරණයක් මෙසේ ගෙනහැර දැක්විය හැක.
මහින්ද රාජපක්ෂ ගේ ලඟම සහචරයෙක් වූ කැප්ටන් තිස්ස (වසීම් තාජුඩීන් ඝාතකයා) අන්තර් නගර බස් රැසක හිමිකරුවෙක් විය. ඔහුගේ සියලු බස්රථ වල රියදුරන් සහ කොන්දොස්තර රාජකාරි කළේ පොලිසියේ නිලධාරීන්ය. ඔවුන්ට පොලිසියෙන් වේතනය ලැබෙන අතර දිනපතා සේවයට වාර්තාකළ යුත්තේ කැප්ටන් තිස්සගේ බස් අංගනයටය. මේ බව දැනගත් එවකට පොලිස්පති ඉලංගකෝන් තමාම මේ ගැන ජනාධිපතිවරයා දැනුවත්කිරීමට සිතා මහින්ද රාජපක්ෂ හමුවිය. නිල මට්ටමෙන් සිදු නොවුව මේ හමුව අතරමග 'තිස්ස මොකද්ද මේ IG කියන්නෙ? කියා මහින්ද ඇසූ විට 'මේ යකාට පිස්සු සර්. සර්ට විශ්වාස මාවද ? මේ යකාව දැයි ?' අසනු ලියුම්කරුට අත්දැකීමක් ඇත. එදා කැප්ටන් තිස්ස ඉදිරියේ මහින්ද සිදුකළ ඒ ක්‍රියාව නිසා ඉලංගකෝන් පොලිස්පතිවරයා සිය ධූර කාලය තුල මහින්ද ට කිසිදු පක්ෂපාතීත්වයක් දැක්වූයේ නැත. පොලිස්පති ධූරය මධ්‍යස්ථ එකක් වුවද රටක ජනාධිපතිවරයා හා සමපාත වියයුතු තැන් ඇති බැවින් ඒ අනෝන්‍ය සබැඳියාව රනිල්ට නොදැනීම අභාග්‍යයකි.
දැන් අශ්වයා පැනගොසිනි. රනිල් සිය ජීවිතය තුල කරගත් තවත් ඉතා අණුවනම තීරනයක් ගෙන ඇත.
අපට කීමට ඇත්තේ ලංකාවට "අබ සරණයි " කියා පමනි.
RW's political career is already doomed and will have no future. Feel sorry about his catchers
ReplyDelete