Friday, 19 July 2024

බංකොලොත් රටේ එල්පීඑල් සංදර්ශනයට ඩ්‍රෝන 500 ක්..! භාතිය සන්තුෂ්ට රු. කෝටි 45 ක්..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.19, ප.ව. 11.30) ඉදිරි ජනපතිවරණයට පෙර සමගි  ජන බලවේගයෙන් එජාපයට යළි එක්වෙතැයි බලාපොරොත්තු වන මන්ත්‍රී වරුන්ට ඒ සඳහා ගෙවීමට ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ සඳහා ඩීල් එක දමා ඇත්තේ සාගල රත්නායක හා ෂම්මි සිල්වාය. මේ වෙනුවෙන් වක්‍රාකාරයෙන් ගෙවීමට කෝටි ගණනක් සූදානම් කොට ඇති බවත් එතෙක් සාගල රත්නායක පිම්බීම සඳහා පාසල් හා ක්‍රීඩා සමාජ වලට බෙදා දීමට ක්‍රිකට් භාණ්ඩ තොගයක්ද ගෙන්වා ඇති බවත් වාර්තා වේ.

මෙම ක්‍රිකට් භාණ්ඩ බෙදා දීම සාගල හා සුදත් චන්ද්‍රසේකර හරහා දැනටමත් ආරම්භ කර තිබේ. (සේයාරුවේ දැක්වේ)

ඩ්‍රෝන 500 ක සන්දර්ශනයක්..

මේ අතර මේ ඉරිදා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීගයේ අවසන් තරගය ආශ්‍රිත උත්සවය සඳහාද ක්‍රිකට් ආයතනය තවත් කෝටි ගණනක් වෙන් කර තිබේ.

මෙහි සංවිධාන කටයුතු භාතිය හා සන්තුෂ්ට පවරා ඇති අතර රාත්‍රියේ අහසේ පැවැත්වීමට නියමිත ඩ්‍රෝන් සංදර්ශනයක් සඳහා ඩ්‍රෝන 500 ක් යොදා ගැනීමට යයි. අවසානයේ තවත් කෝටි ගණනක් වැය කොට දැවැන්ත ගිනිකෙළි සංදර්ශනයක්ද පැවැත්වීමට යයි.

මෙම ඩ්‍රෝන ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව නාමල් රාජපක්ෂගේ සමීප හිතවතකු වන ශ්‍රීමාල් නමැත්තාට පවරා තිබේ. ක්‍රීඩාංගණ වලට දැවැන්ත තිර ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේද මොහුටමය.

භාතිය සන්තුෂ්ට රු.කෝටි 45 ක්..

ලබන ඉරිදා ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීගයේ අවසන් තරගයෙන් පසු පැවැත්වෙන ගිනිකෙළි, ඩ්‍රෝන්,සංගීත හා නැටුම් සංදර්ශන වෙනුවෙන් භාතියලාට ගෙවන මුදල පමණක් කෝටි 45 ක් පමණ වන බව දැන ගන්නට ඇත. ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන සංදර්ශන  බොහොමයක් කරන්නේ භාතියලාගේ බී.එන්.එස් සමාගමයි.

මේ සියළු වියදම් කරන්නේ තුන්වේල කන්න නැති ජනතාවක් සිටින බංකොලොත් රටේ මහජන මුදල් ය.

-මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

No comments:

Post a Comment