Friday, 19 July 2024

ඇන්ටිජන් දිලිත්ගේ සතුටු දැයක්; සුරංගනා කතාවක්..!

-සතී පනාවැන්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.19, ප.ව. 11.15) ආඬි හත් දෙනාගේ කැඳ හැලිය, එහෙම නැත්නම් සර්ව ජන චන්ද බලයේ උපාය මාර්ගික වැඩ පිළිවෙල පහු ගිය දා එළියට දැම්මා. කාටත් කලින් මේක එළියට දාලා ඒකෙන් දිලිත්ලා බලාපොරොත්තු උනේ, ඕන් අපි දශක ගානක් දේශපාලනය කළ අයට කලින් අපේ වැඩ පිළිවෙළ එළියට දැම්මා කියන දේශපාලන වාසිය ගන්න. හැබැයි සමහර පහේ පන්තියේ දේවල් පවා නැවත රිෆර් කරන්න දිලිත් කියලා කියන්න තමයි වෙන්නේ.

ආඬි හත් දෙනාගේ කැඳ හැලිය..

දිලිත්ගේ මාකටින් ටීම් එකට මේ සතුටු දැයක් පොතට සිංහල භාෂාවේ ලස්සන වචන දාලා තියෙනවා. ඇත්තටම ඒක අර පිට කවරේ බලන සෙට් එකට "වාව්" වචන සෙට් එකක්. උදාහරණයක් විදියට මේ පොතේ 47 පිටුවේ කියනවා, "ජාතික සමගිය - එකතු මුතු". මෙතන කියනවා, ජාතික අනන්‍යතාව, අන්තර් ආගමික එකමුතුකම්, ගැටුම් නිරාකරනය වගේ වැඩ සෙට් එකක් තියෙනවා. දැන් මේක කරන්න ඉන්නේ කවුද? පසු ගිය චන්දෙ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහනය වෙනුවෙන්, පැලෝපීය නාල මිරිකලා වඳ සැත්කම් නාට්‍යක් කළ ප්‍රධාන නළුවන් වෙන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ එහෙම. විමල්ලා එක්ක කරන්න පුළුවන් එකතු මුතු මොකක්ද කියලා දිලිත් කියන්න ඕන. ඒක එකතු මුතු වෙන්න කිසි සේත්ම ඉඩක් නෑ.

නීල ආර්ථිකය - "නිල්වන්"

මේක මරු කොටසක්. දිලිත්ගේ ඩොකියුමන්ට් එක කොච්චර දුර්වල ද කියන එකට මගේ විෂය පථයෙන් උත්තරයක් මෙතන තියෙනවා. මේක පටන් ගන්නේම මෙන්න මෙහෙම "ශ්‍රී ලංකාව භූමිය මෙන් සත් ගුණයක් විශාල අනන්‍ය ආර්ථික කලාපය, විසිතුන් ගුණයක් පමණ විශාල මහාද්වීපික තටාකය.....". දැන් බලන්න මේ සමග පහත ඉමේජයක තියෙන පාසල් පෙල පොතේ රූප සටහන. ඔබට වැටහෙනවා ඇති මහා ද්වීපික තටාකය කියන්නේ මොකක්ද කියලා. මේ කියන්නේ අපේ රට වටේ තියෙන නොගැඹුරු මුහුදු තීරය. මේක ලංකාවේ ගත්තොත් දකුණ වෙරළ තීරයෙදි ඉතා පටු තීරයක් වන අතර උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව  පළල් තීරයක් වෙනවා. මේ ප්‍රදේශයේ මුහුදු පතුළට යනකම් බොහෝ විට හොඳට ඉර එළිය ලැබෙනවා. ඒක නිසා මේ ප්‍රදේශය මුහුදේ සාරවත් ප්‍රදේශයක්. මසුන් බෝ වෙන බිම්.

නමුත් මේ මහාද්වීපික තටාකයේ ඇත්ත ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 30,000 ක් පමණ වෙනවා. ඒ කියන්නේ රටේ භුමි ප්‍රමාණයෙන් බාගයක් වගේ වෙන අගයක්. දැන් දිලිත් කියන්නේ මේක ලංකාව වගේ 27 ගුණයක් කියලා. අහෝ ඛේදයකි.! ඉරකි. තිතකි. දිලිත්.

ඇත්තටම දිලිත්ට ඕන නම් මේ සතුටු දැයක් පොත මේ වගේ පුංචි පහේ තාක්ෂණ දෝශ නැතුව ලියලා දෙන්න අපිට පුළුවන්. මොකද සතුටු දැයක් කියන්නේ සුරංගනා කථාවක්. ඒක නිසා හාන්ස් ක්‍රිස්ටියන් වගේ සුරංගනා කතාව ලස්සනට ලියලා දෙන්නම්. අඩුම ගණනේ මම කොවිඩ් කාලේ ලංකාවට ආපු වෙලාවේ ඔයාට නිරෝධායනයට ගෙවපු ගාන මට ආයේ දෙන්න ඕන. එකඟ නම් වැඩේ කරමු. මොකද ඔයා ට්‍රයි කරන්නේ ව්‍යවසායකයෝ හදන එකනේ. ඒක නිසා නිකම්ම බෑ.

-සතී පනාවැන්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69

No comments:

Post a Comment