Sunday, 14 July 2024

ජඩමාධ්‍ය බත් බැලයිනි, අන්ත්‍රාවයි..! ජුලි 17ට පෙර ස්වාධීන වෙන්න..!

-ජනමිත්‍ර ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.14, ප.ව. 11.00) 1815 සුද්දා  රට පාලනය කිරීම ආරම්භය සමග ලංකාවේ රදළයන්ට වෙන්වුණු උසස් අධ්‍යාපනය සැමට පොදුවිය. නමුත් මිලක් තිබුනේය. සල්ලි හම්බ කළ සියල්ලන් කළේ  දරුවන්ට  ඉගැන්වීමයි. කලකින් ස්වදේශී උගතුන් බිහිවිය.

රට කරන්න අපටත් පුළුවන්..

සුද්දන්ට පුළුවන් නම් රට කරන්න අපටත්  පුළුවන් යැයි කියා කෙසේ හෝ රාජ්‍යය බලය ස්වදේශික  උගතුන් අතට ගත්හ. එම උගතුන්ට  බලය ගැනීමට වියදම් කළේ ව්‍යාපාරික පැලැන්තියයි. උගතුන්ට රට පාලනය කිරීමට හැකිනම් ඔවුන්ට මුදල් දුන් අපිටත් හැකියි සිතා අනතුරුව  ව්‍යාපාරිකයෝ  දේශපාලනයට අවතීර්ණ වූහ. ඔවුනට බලය ගැනීමට මුදල් තිබු බැවින් අත  දිග හැර මැරයන්ට මුදල් වියදම් කොට උගතුන් පරාජය කර ව්‍යාපාරියෝ  බලයට පැමිණිය හ. කලක් ගත වන විට මැරයන්ට සිතුනේ ව්‍යාපාරිකයින් බලයට ගෙනාවේ තමන් බැවින් තමන්ට ද රටේ බලය අතට ගත හැකි බවයි. මැරයෝ ද මාධ්‍යකරුවන්ගේ සහායෙන් බලයට පත් වූහ. මැරයන්ගේ කළු සල්ලි මාධ්‍යකරුවන් ප්‍රකෝටිපතියන් බවට පත් කළහ. දැන් මාධ්‍ය මුදලාලිලාට  සිතෙන්නේ මැරයන් බලයට පැමිණෙන්නේ තමන්ගේ මාධ්‍ය  නිසා බැවින් තමන්ගේ මාධ්‍ය තමන්ම භාවීතා  කර මාධ්‍ය මුදලාලිලාට ද බලයට පැමිණිය හැකි බවයි .

එම නිසාම සිරස මාධ්‍ය ජාලයේ නැසීගිය  රාජා මහේන්ද්‍රට කලක් සිහිනයක් තිබුණේ තමන්ගේ ඉත්තන් රටේ ඇමතිවරුන් බවට පත්කොට රූකඩ  නටවන සේ රට පාලනය කිරීමයි.  ඒ අනුව ශ්‍රී රංගා , සෛදුල්ලා මරික්කාර් , සුසාර  දිනාල් වැනි ගොට්ටන් දේශපාලන කරලියට ගෙන එන ලදී. කුඩු රෙනෝ සිල්වා වෙනත් අය වෙනුවට තම මල්ලි රජ කිරීමට පටන් ගත්තේය. දිලිත් ජයවීර ද දැන් තමන්ම රජ වීමට සිතා වැඩ කරගෙන යනු ලැබේ.

ගෝඨාගෙන් පාඩම් ඉගෙන ගන්න...

ජඩමාධ්‍ය බත් බැලයිනි, නුඹලාගේ ජඩමාධ්‍යයෙන් මේ රට වෙනස් කිරීමට තව දුරටත් නොහැකි බව දැන ගන්න. ලංකාවේ අංක එක සහ දෙක යන කුඩු රේනෝගේ ජඩමාධ්‍යත් කළු සල්ලි දිලිත්ගේ ජඩමාධ්‍යත් රජයට අයත් ජාතික රූපවාහිනී සහ ගුවන් විදුලිය මෙන්ම ස්වාධීන රූපවාහිනී, ලක්හඬ මෙන්ම රනිල් රාජ්‍ය බලය යොදා LTTE  හිතවාදීනට විකිණූ  ස්වර්ණවාහිනී ආදී සියල්ල ගෝඨාභය  රාජපක්ෂට උදේ සවස කඩේ ගියද  ජනතාවට ඔහුව එපා වුයේ මන්ද ? සිරස සරලව  සිදුකලේ රටේ බහුතර මතය ඔස්සේ මාධ්‍ය හැසිරවීම පමණි.  වාසනාවට FACEBOOK  මාර්ක්  අයියා මේ රටේ දුෂිත දේශපාලකයින්ගේ මුදලට විකිණෙන්නේ නැති නිසා ජනතාව ස්වාධීනව තීන්දු ගනී. පුවත් වල සත්‍ය තෝරා ගනී. තවදුරටත්  කුඩු රේනෝගේ ජඩමාධ්‍ය, කළු සල්ලි දිලිත්ගේ ජඩමාධ්‍ය මොනවා කළත් කිසි ඵලක් නොමැති අතර ඔවුන් කරන කටයුතු වලින් ඔවුන්ගේ අවසානය ඉක්මනින්ම ලඟා වී ඇත. එදාට කුඩු රෙනෝ සිල්වා  සහ කළු සල්ලි දිලිත් රටේ වෙළඳ ආයතනවල මුදලින් තමන්ගේ මෙන් පින් දහම් හෝ සාමණේර පැවිදි කිරීම් වලින් පවු සෝදා  ගත නොහැක.

ජනතා බලය අති ප්‍රබල ය..

ජනතා රජයක ජනතා බලය අති ප්‍රබල ය. ත්‍රිවිධ හමුදා පොලිසි හෝ පුද්ගලික ආරක්ෂක ක්‍රම වේද ජනතා බලය ඉදිරියේ ටිපර් හමුවේ පාර වලක්වන ඇල්බීසියා  දඬු කඩුලු මෙන් දුර්වලය. එසේනම් කුඩු රේනෝ සිල්වා,  දිලිත් ජයවීර, වරුනි අමුණුගම, ලක්සිරි වික්‍රමගේ, ශෙවාන්  ඩැනියෙල්, යසරත් කමල්සිරි  ඔබ සියලුදෙනා මෙතෙක් රස කර ගත් මහල් ප්‍රාසාද, සුපිරි වාහන, ව්‍යාපාර වලට කුමක් කරන්නේද ? දරුවන් මින් ඉදිරියටත් ලංකාවේ පාසල් හෝ ජාත්‍යන්තර පාසැල් වලට යන්නේද ? බිරින්දෑවරුන්ගේ  රැකියා විනෝදාංශ  දිගටම කිරීමට ඉඩ සලස්වන්නේද?  නැතිනම් නොවැම්බර් 17 උදේ ලංකාවෙන් පිටව යෑමට ගුවන් යානා  වෙන්කර ගන්නේද? මෙතෙක් ගොඩ  නැගු සියල්ල දූෂිත දේශපාලකයින් වෙනුවෙන් විනාශ වීමට ඉඩ හරින්නේද? යන්න පිලිබඳව මෙය කියවීමෙන් හෝ තුන්වන පාර්ශවයකින් ඇසීමෙන් හෝ රාත්‍රී නින්දට පෙර කල්පනා  කොට තමන් හසුරුවන මාධ්‍ය ස්වාධීනව හැසිරවීම ආරම්භ කරනවාද යන්න සිතා බැලිය යුතුය.

නිර්පාක්ෂික නොවන්නේ නම්..

පෙනේරයෙන් ජලය පුරවනවා මෙන් රනිල් වික්‍රමසිමංහ වෙනුවෙන් හෝ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මින් ඉදිරියට ජඩමාධ්‍ය බත් බැලයන් යොදවා පුම්බන පිම්බිල්ල නැවතිය යුතුය. පුවත් සහ වැඩසටහන් පක්ෂග්‍රාහී නොවිය යුතුය. ලබාදෙන කාලය පෙන්වීමට තප්පර ඔරලෝසුව තිරයේ භාවිතා කළ යුතුය අවම තරමින් මෙම ලිපිය කියවා දරුවන්  බිරින්දෑවරුන් සහෝදර සහෝදරියන් දෙමව්පියන් වෙනුවෙන් නිර්පාක්ෂික විය යුතුය. නැතිනම් ඔවුන් සියල්ලන් රැගෙන ලංකාවෙන් යාමට නොවැම්බර් 17 උදේ යන ගුවන් යානා මදි වනු ඇත.

එළැඹෙන ජුලි  17 වනදායින් පසු නිර්පාක්ෂික නොවන සියලු මාධ්‍ය ආයතන ඉදිරි ජනතා බලවත් වීමකදී අබසරණ හිමිවන අතර අවම ඉදිරි මාස තුනක යහ පැවැත්ම  අතීත වැරදිවලට සාමාව  දීමට ලැබීමට හේතු වනු ඇත. මෙම ලිපිය සැහැල්ලුවට ගැනීම අවදානම් බවත් කීමට කැමති ය. මක් නිසාද යත් ලංකාවේ ජන අරගලයේ  ආරම්භය lankaenews අප බවත් සුනාමියකට පෙර සමුදුර නිහඬ බවත් අවබෝධ කර ගන්න.

-ජනමිත්‍ර

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/86

No comments:

Post a Comment