අසූචි වළේ කොටසක් වූ එල්පීඑල්..!
-විශේෂ ලියුම්කරුවකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.13, ප.ව. 6.30) ලංකාවේ ක්‍රිකට් කියන්නේ දැන් නම් අසූචි වලකි. වෙනත් අසූචි වළවල් වලට වඩා මෙහි වෙනස නම් අසූචි තවරාගත්තද මෙම වළේ සිටින්නන් කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් වීමයි.
මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීගය හෙවත් එල්පීඑල් යනු මෙම අසූචි වළේම තවත් කොටසකි.
ඩීල් කප්පිත්තා අනිල් මොහාන්..
මෙම ප්‍රිමියර් ලීගයේ මහ මොළකරු කලක් ටෙන් ස්පෝර්ට්හි සාමාන්‍ය රැකියාවක් කළ අනිල් මොහාන් ය. ඩුබායිහි පදිංචි අනිල් මොහාන් ටෙන් ස්පෝර්ට්ස් වලින් ඉවත්ව අයිපීජී නමින් කොම්පැණියක් හදා ගත්තේය.
ටෙන් ස්පෝර්ට්හි තිබූ යාළු කම නිසා අනිල් මොහාන්ව කැඳවාගෙන ඇවිත් රවින් හා ෂම්මිට හඳුන්වා දුන්නේ රොෂාන් අබේසිංහය. තිරය පිටුපස ක්‍රීඩක ඒජන්තයකු හා පාස්ටර් ජෙරොම් අනුගාමිකයකු වන රොෂාන් අබේසිංහට මේ දක්වා ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියේ සිට විස්තර විචාරය දක්වා තැනක් ලැබෙන්නේ මේ ඩීල් එක නිසාය.
අනිල් මොහාන් යනු ඩීල් කප්පිත්තෙකි. ඔහුට ෂම්මි හා හරින් ප්‍රනාන්දුව අල්ලේ නැටවිය හැකි තරම් නූල් සූත්තර කාරයෙකි.
ඒ නිසා හරීන් ප්‍රනාන්දුද ලංකා ප්‍රිමියර් ලීගය වර්ණනා කරමින් බොරු රංගනයක යෙදෙමින් සිටී. ඔහු කියන්නේ මේ මගින් සංචාරක කර්මාන්තයට හොඳ පිටුවහලක් වන බවයි. එහෙත් ඒ සඳහා සිදු වන කෙහෙල්මලක් නැත.
මෙවර තරග වදින ගෝල් මාවල් පිලේ හිමිකරු සමගද හරීන්ට ඩීල් එකක් තිබෙන බව ගෝල් මාවල් පිලේ මාධ්‍ය හමුවෙන් තහවුරු වේ.
ඩුබායිහි කසාදයක් තිබියදී අනිල් මොහාන් ලංකාවේ තවත් කසාදයක් කර ගත්තේය. එම විවාහයට ද හරීන් සහභාගි විය. අනිල් මොහාන්ගේ මෙම දෙවෙනි විවාහය නීත්‍යානුකූලද නැද්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
ටමිම් රහ්මන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..
මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට සහභාගි වූ දඹුල්ල තන්ඩර්ස් හිමිකරු වූ බංග්ලාදේශ ජාතික ටමිම් රහ්මන් එය නිමවා ආපසු යද්දී පොලිසිය මගින් අත් අඩංගුවට පත් විය. ඒ තරග පාවා දීම් යෝජනාවක් සම්බන්ධව එම කණ්ඩායමේම අයකු කළ පැමිණිල්ලක් හේතුවෙනි.
සති කිහිපයක් රිමාන්ඩ් භාරයේ පසු වූ ටමිම්ට ඇප ලැබුණත් ඔහුගේ ගුවන් ප්‍රවේශ පත්‍රය නිදහස් නොකිරීම නිසා ඔහු තවමත් සිටින්නේ ලංකාවේය.
තම නිර්දෝශී භාවය වෙනුවෙන් අනිල් මොහාන්ට හා ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව ටමිම් පැවරූ නඩුවක් දැනට උසාවිය හමුවේ පවතී. එහිදී ටමීම් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමට සැරසෙන බව වාර්තා වේ.
රහසිගත ගිවිසුම්...
අයිපීජි ය හා ක්‍රිකට් ආයතනය අතර නියමිත ගිවිසුම් වලින් පරිභාහිරව සිදු කර ඇති ගනුදෙනු තවමත් පවතින්නේ රහසිගතවය.
ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම මැයි මාසයේ පවත්වා ඇත්තේ විගණකාධිපතිවරයාගේ අනුමැතියෙන් තොර ගිණුම් වාර්තාවක් සමගය.
එහිදී විගණකාධිපතිවරයා ගිණුම් පිළිබඳ ප්‍රශ්න රැසක් මතුකර ඇතත් තවමත් ක්‍රිකට් බලධාරීන් ඒවාට පිළිතුරු ලබා දී නොමැති අතර ඔවුන් දැනට නිලතල වල රැඳී සිටින්නේ ගිණුම් වාර්තා සම්මත කර නොගෙනය.
මෙවැනි වෙනත් සංගම් තහනම් කරන ක්‍රීඩා ඇමති හරීන් මේ ගැන අනුගමනය කරන්නේ නිහඬ ප්‍රතිපත්තියකි. ෂම්මි සමග පවතින අතිජාත මිත්‍රත්වය මත හරීන් ක්‍රීඩා නීතිය අමතක කර සිටී.
ලංකා බෙටින් ලීගය..
මෙවර ලංකා ප්‍රිමියර් ලීගය ( LPL ) බොහෝ දෙනා හඳුන්වන්නේ ලංකා බෙටින් ලීගය ( LBL ) ලෙසය.
ඒ ලොව කිසිම ලීගයක නොමැති බෙටින් ඇප් හෙවත් ඔන්ලයින් ඔට්ටු සමාගම් තොගයක් මෙහි අනුග්‍රාහකයන් ලෙස කටයුතු කිරීමයි.
මෙම බෙටින් ඇප් වනුයේ
MGlion, BatJili, 1×Bat, Mel bat, D247, Dafa news,Cricadda, Babu 88, Jumbo 367, Fomo 7 games ය.
අයිසීසියේ නිරුවත..
මින් D247 තරග විනිසුරුවරුන්ගේ කමිසයේද සිටින අනුග්‍රාහකයා වේ. අයිසීසි යද මේවා අනුමත කිරීම පුදුමයට කරුණකි.
අයිසීසිය මගින් සවිධානය තරගාවලි වලට කිසිදු බෙටින් ඇප් එකක් අනුග්‍රාහකයන් ලෙස නොගන්නා අයිසීසිය තමන් විසින් අනුමැතිය දී ඇති ලීග වලට පොකුරු පිටින් ඔට්ටු කරුවන්ට රිංගීමට අවසර ලබා දීම වෙනම කතාවකි.
මෙය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ රූකඩයක් වන අයිසීසියේ නිරුවත හොඳින්ම පෙන්වයි.
ලංකා ප්‍රිමියර් ලීගය තුළ තරග පාවා දීම් සිදු වීමට මේ බෙටින් ඇප් ක්‍රීඩකයන් පොළඹවන ආකාරයද අපූරුය. එම ඇප් වල මෙම තරග සඳහා ලකුණු, කඩුලු සඳහා උණු උණුවේ ඔන්ලයින් ඔට්ටු ලබා ගනියි. මෙය ක්‍රීඩකයන්ටද පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් වැනිය.
ලංකාවේ නීතිය අනුව මධ්‍යසාර ප්‍රචාරණය තහනම් නම් සූදු ප්‍රචාරණයද තහනම් විය යුතු වුවත් ලංකා ප්‍රිමියර් ලීගයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එය අදාල නොවීම පුදුමයට කරුණකි.
ප්‍රශ්න සහගත ක්‍රීඩක වෙන්දේසිය..
මේ අතර මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වූ ආකාරයද ප්‍රශ්න සහගතය.
ක්‍රීඩක කළමනාකරුවන් සිව් දෙනකු කෙළින්ම මෙය පිටුපස සිට කොමිස් ලෙස කෝටි ගණන් උපයාගෙන තිබේ.
ඇතැම් ක්‍රීඩකයන් නොවටිනා ගණන් වලට අලෙවි වීමත් ඇතැම් දක්ෂ ක්‍රීඩකයන් කිසිදු මුදලකට අලෙවි වූයේත් පුදුම ආකාරයකටය.
වෙන්දේසියේදී මුලින් අලෙවි නොවුණු පැතුම් නිස්සංක හා කුසල් ජනිත් පෙරේරා මේ වන විට ශතක රැස් කරන්නේ වෙන්දේසියේ හෙළුව රටටම පෙන්වමිනි.
හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මෙම ප්‍රිමියර් ලීගයට අවසර නොදුන්නේද මේ හේතු නිසාය. ඔහුගේ නියෝගය නොතකා පැවැත්වූ පසුගිය වසරේ තරගාවලියට ඔහු නොයද්දී සාගල සමග ජනාධිපති රනිල්ද සහභාගි වීමෙන් ඔප්පු වන්නේ මෙම ව්‍යාපෘතියේ තරමයි. අවසානයේ හරි දේ කරන්න ගිය රොෂාන් රණසිංහට ඇමති කමද අහිමි විය.
වැටත් නියරත් ගොයම් කා නම්...
ක්‍රිකට් වල දූෂණ පිළිබඳව ජනතා හඬක් නැගෙද්දී ජනාධිපතිවරයා කළේ ඒ ගැන බැලීමට අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් යුත් කැබිනෙට් අනුකමිටුවක් පත් කිරීමයි.
ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමට යෝජනා කරමින් ඒ සඳහා වූ චිත්‍රසිරි වාර්තාවද ජනපති අතට පත් කොට මාස ගණනක් ගතවී ඇතත් එය පාර්ලිමේන්තු පණතක් ලෙස ගෙන ආ යුතු ක්‍රීඩා ඇමති හරීන් මෙන්ම ජනපතිවරයාත් නිහඬය.
ඒ සාගල හා හරින් විසින් විවිධ කටයුතු සඳහා යැයි කියමින් ෂම්මිගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් කෝටි ගණනක ක්‍රිකට් මුදල් නිසා නම් කිව යුත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු මේ අමාරුව කියාය.
හෙට අනිද්දා සජිත්ගෙන් කැඩී ආණ්ඩුවට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන් දස දෙනෙකුටද ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දැක්වීමට නියමිත බවටද ආරංචි මාර්ග පැතිරේ.
-විශේෂ ලියුම්කරුවකු විසිනි
අදාල සේයාරූ පහතින්








No comments:
Post a Comment