රනිල් රාජපක්ෂ මහනුවර දළදා පෙරහැරෙනුත් ගානක් කපන්න වළි කයි..!
-සතී පනාවැන්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.21, ප.ව. 9.30) හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් කාලිංග දේශයේ සිට දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමෙන් පසුව, එනම් බුද්ධ පරිනිර්වානයෙන් වසර 800 කට පසු, දළදා පෙරහැර ආරම්භ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එම ඉතිහාස කථා අනුව එකල කීර්ති ශ්‍රී මේඝවන්න රජතුමා විසින් මුලින්ම, දළදා මාළිගයක් තනවා, ඊට ගරු බුහුමන් දැක්වීම සඳහා දළදා පෙරහැර ආරම්භ කළ බව විශ්වාස කෙරේ.
ඇසල පොහෝ දිනෙන් ආරම්භ වන මහනුවර ඇසළ පෙරහැර දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මෙන්ම විදෙස් සංචාරකයෙන්ගේද නෙත් සිත් පැහැරගත් සංස්කෘතිකාංගයක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මෙතෙක් චාරිත්‍රානූකූලව මෙම මංගල්‍යයේ බර පැන දැරුවේ රජයෙන් යම් කිසි මුදලක් සහ මහනුවර දළදා මාළිගාව සතු වත්කම් සහ පුන්‍යාධාර වලින්. රජයෙන් ලබා දෙන මුදල් වුවත් ලබා දෙන්නේ අදාල දිස්ත්‍රික් ලේකම් වරයා හරහායි.
මෙවර ක්‍රමවේදය අපැහැදිලියි-ගැටළු සහගතයි..
වෙනදාට වඩා මෙවර විශේෂත්වය වන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය ආයතන වෙත ලිපියක් මගින් දළදා පෙරහරට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත නිකුල් කළ ලිපිය මගින් අදාලා ආයතන විසින් දළදා පෙරහැර පැවැත්වීමට රුපියල් මිලියන 30 ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා දන්වා ඇති බව ආරංචියි. ඒකත් බුද්ධ ශාසන අමාත්‍යාංශයට හෝ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට නොව ජනාධිපති ලේකම් කාර්යාලයට එහෙම නැත්නම් රනිල් රාජපක්ෂගේ ඔෆිස් එකට කෙලින්ම ලබා දෙන ලෙසට දන්වා ඇත.
මෙහි පවතින සැක මුසු තත්වය මේ ආසන්න කාලයේ රනිල් රාජපක්ෂ විසින් විවිධ උපක්‍රම පාවිච්චි කරමින් විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සතු මුදල් ජනාධිපති වැය ශීර්ශයට ඈඳා ගැනීමත්, මැතිවරණ ආසන්නයකදී එවැන්නක් සිදු කිරීමත්. මොකද ඔහු විසින් දැන් සියළු රාජ්‍ය සම්පත් යොදවන්නේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් සහ ප්‍රතිරූපය පුම්බා ගැනීම වෙනුවෙනුත්.
එම නිසා ලක් වාසී බෞද්ධ ජනතාවගෙනුත්, දළදා මාළිගාවේ භාර කාර මණ්ඩලයෙනුත්, සිව් නිකායික මහා සංඝරතන්යෙනුත් අප ඉල්ලා සිටින්නේ, දළදා වහන්සේගෙන් පවා චන්දේ වෙනුවෙන් ගසා කන්න වෙර දරන රනිල් රාජපක්ෂගේ මේ නිර්ලජ්ජිත උත්සාහයට එරෙහි වෙන ලෙසයි.
-සතී පනාවැන්න
https://www.lankaenews.com/category/69

No comments:
Post a Comment