පාස්කු ප්‍රහාරය ගැන අහන්න පිල්ලෙයාන් සීඅයිඩියට කැඳවයි..! පිල්ලෙයාන් පොල්ල තියයි..! (Video)
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.12, ප.ව.6.40) පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට අදාලව යුද හමුදා බුද්ධි අධ්යක්ෂව සිටි තුවාන් සුරේෂ් සලේ සහ හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධ බවට චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහනකින් කළ අනාවරණය ගැන අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව මෙම විමර්ශනයට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අසාත් මවුලානා මීට පෙර පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට අද උදේ 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය. නමුත් පිල්ලෙයාන් අද පැමිණියේ නැත.
සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. පැමිණිල්ලට අදාලව මේ වන විට පැමිණිල්ල කළ රොහාන් සිල්වා පියතුමාගෙන් ප්‍රකාශයක් සටහන් කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබුණේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ හෙළිදරව්වේ කරුණු දැක්වූ අසාත් මවුලානාගේ ප්‍රකාශය ගැන ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙසයි. මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කර තිබූ මෙම පැමිණිල්ල එම අමාත්‍යංශය විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමු කිරීමෙන් පසු ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
චැනල් ෆෝ නාලිකාවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධකමක් ඇතැයි අනාවරණය කළ තුවාන් සුරේෂ් සලේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ තනතුරට පත් කළ අතර රොහාන් සිල්වා පියතුමාගේ පැමිණිල්ලෙන් පසු නව ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කර වෙනත් නිලධාරියකු එම තනතුරට පත් කරනු ලැබිණි.
-ස්තූතිය මීඩියාඑල්කේ
සිද්ධිය පිළිබඳ විස්තරාත්මක වීඩියෝවක් පහතින්
No comments:
Post a Comment