Tuesday, 12 November 2024

මැදමුලන වලව්වේ දී ගෝඨා ගුටි නොකා අනූනමයෙන් බේරේ....!

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.12, ප.ව.9.30) මැදමුලන වලව්වේ පසුගියදා පැවති දානමය පිංකමක් අතරතුර  හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු සහ චමල් රාජපක්ෂ කතා බස් කරමින් සිටින අතරතුර ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ ය. ඒ අවස්ථාවේදී එරාජ්, 

“තමුසේ අපිව කෑවා. රටත් කෑවා. තමුසේ නාමල්ගේ දේශපාලනයත් විනාශ කළා. බලනව අයිසේ අනුර දිසානායක තුන් දෙනෙක් එක්ක රට ලස්සනට කරනව, තමුසෙට තුනෙන් දෙකක් තිබිලත් එහෙම කරන්න බැරි උනා”

යනුවෙන් කෑ ගසමින් ගෝඨාභයට අමු කුණුහරුපෙන් බැන වැදී ඇත.  ඒ අවස්ථාවේ චමල් රාජපක්ෂ මැදිහත් වී ගැටුම බේරාගැනීමට මහත් මහන්සියක් ගත්තේ ය. එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ  ඉතාම අසරණව දුක් බර මුහුණින් සිනා සී ඇත්තේ 'මං හදපු බල්ලොත් දැන් මාව කනවා' යන හැඟීමෙන් යුතුවය.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි 

No comments:

Post a Comment